අපේ හතේ පොත නියමයි! හැදුවේ විශේෂඥ උපදෙස් අරන්! අවුලක් වෙයි කියලා ඡන්දේ කාලේ බෙදුවේ නෑ! – අකිල

December 27, 2019 at 4:12 pm | by emanisa.lk

ලෝකයේ බොහෝ දියුණු රටවල පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දුන්න ද ලංකාවේ එවැනි දැනුමක් නොලැබෙන බව හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි. ළමා අපචාරවලට එය හේතුවක් බව ද හෙතෙම සඳහන් කරයි.

එම දැනුම මෙරට සිසුන්ට ලබා දීම සඳහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් අපේ හතේ පොත සැකසූ බව පවසන හිටපු අධ්‍යාපන ඇමතිවරයා ජනාධිපතිවරණ සමයේ එය ගැටලුවක් වේ යැයි සිතා පාසල්වලට බෙදා හැරීම තමා මැදිහත් වී නතර කළ බවත් හෙළි කළේය.

කෙසේ වුවද තම ආණ්ඩුව ආරම්භ කළ ඕනෑම කටයුත්තක් වැරදි බව පැවසූ එවක විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන්ට බලයට පැමිණි පසු MCC ගිවිසුම මෙන්ම සියල්ල හොඳ වන බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස