මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා! මැතිවරණ ප්‍රචාරක කටයුතු සිංහල අවුරුදු කාලේ!

December 21, 2019 at 2:34 pm | by emanisa.lk

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසම් ආරංචි මාර්ග පවසයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාර ගෙවුණු වහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර ඒ අනුව මාර්තු මුල වර්තමාන පාර්ලිමේන්තුව විසිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

වෙසක් පොහොය, මැයි දිනය, පාසල් නිවාඩු කාලය ආදී කරුණු සලකා බලමින් ආර්ථිකයට සිදුවන බලපෑම ද අවම වන ආකාරයට මැතිවරණය පැවැත්වීමට දින තෝරා ගනී. එහිදී මැතිවරණයට පෙර දින තුනක නිහඬ කාලය පිළිබඳව ද අවධානය යොමු කෙරේ.

මේ සියලු කරුණු සලකා බලමින් මහ මැතිවරණය පැවැත්වීමට හොඳම දිනය ලෙස අප්‍රේල් 25 වන දින යෝජනා කර තිබේ.

කෙසේ වුවද එසේ වුවහොත් සිංහල අලුත් අවුරුදු කාලය මැතිවරණ ප්‍රචාරක සමය වනු ඇති අතර අවුරුදු සිරිත් විරිත් අවුරුදු උත්සව ආදී සංස්කෘතිකාංග කෙරෙහි එය අහිතකර ලෙස බලපානු ඇතැයි ඇතැම් පාර්ශව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස