සජිත් ඊළඟ මහ ඡන්දෙන් අගමැති වෙනවා! ඒක විශ්වාස නොකරන්නේ එජාපයේ 4 දෙනයි! – අජිත් පී.

December 13, 2019 at 10:41 pm | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තරඟ කළහොත් එජාපය ජයගෙන සජිත් අගමැති ධුරයට පත්වන බව එජාපයේ 4 දෙනෙක් හැරුණු විට සියලු දෙනා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

අවුරුදු 26ක් එනම් ශත වර්ෂ කාලක් එජාප නායකත්වය දැරුව ද ජනාධිපති විය නොහැකි වූ රනිල් වික්‍රමසිංහට ඉදිරියට ද එය කළ නොහැකි බවත් ඔහු පවසයි.

එළඹෙන මහා මැතිවරණයට තමන් තරඟ කරන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ බව අනිවාර්ය බවත් ප්‍රතිවාදීන්ට 2/3ක ජයග්‍රහණයක් ලබා දීමට ගිවිසුම් ගැසූ අයකු මිස කිසිවකුට සජිත්ගේ නායකත්වයට එරෙහි විය නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

බණ්ඩාරගම දී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස