ජනාධිපතිවරණ පරාජයෙන් පසුව අළුගසා දමා ආසනයක් ආසනයක් වෙත ගොස් ජනතාව මුණ ගැසීමට සහ ස්තූති කිරීමට සජිත් ප්‍රේමදාස සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඒ එළඹෙන මහා මැතිවරණය ප්රචාරක කටයුතු වෙනුවෙනි.
සජිත් ප්‍රේමදාස රටවටා යන ගමන අද (17) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ. සවස 02 ට ඔහු කොළොන්නාව ආසනයේදී සිය පාක්ෂිකයන් හමුවන අතර පස්වරු 04 ට කෝට්ටේ ආසනයේ සහ පස්වරු 06 ට මොරටුව ආසනයේදීත් ඔහු එජාප පාක්ෂිකයන් හමු වේ.
අනිද්දා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ යන ආසනවලදී පාක්ෂික හමු සංවිධානය කර තිබේ.
19 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම, කළුතර හා බණ්ඩාරගම ආසනවල පාක්ෂික හමු සංවිධානය කර ඇත.
සජිත් ප්‍රේමදාස මේ වනවිට විපක්ෂ නායක ධුරයට පත්කර තිබෙන අතර ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ප්රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීම සඳහා ද එජාපය තීරණය කර ඇති බව වාර්තා වෙයි.