ශ්‍රිලනිප තීන්දුව අදාළ නෑ! අපි පොහොට්ටුවේ රැලියට යනවා! ගෝඨාට ෂපොර්ට් කරනවා! – ශ්‍රිලනිප භාණ්ඩාගාරික

August 10, 2019 at 12:38 pm | by emanisa.lk

හෙට (11 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්‌. බී. දිසානායක පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ මෙසේ පක්‍ෂ සම්මේලනයට සහභාගි වන බව ද දිසානායක කීය.

පක්‍ෂ සම්මේලනයට සහභාගි වුවද, පොදුජන පෙරමුණේ පක්‍ෂ සාමාජිකත්වය ලබා නොගන්නා බව කී දිසානායක මහතා, එහෙත් පොදුජන පෙරමුණ විසින් එදිනට නම් කිරීමට නියමිත ජනාධිපති අපේක්‍ෂකයාට සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස