78 සිට භුක්ති විඳි ජනපති මුක්තිය 19න් අහිමි කිරීම වැරදියි! විධායකය සතු බලයක් වෙනත් ආයතනයකට පවරා දෙන්න බෑ! – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි…

October 3, 2020 at 10:43 pm | by emanisa.lk

1978 සිට 2015 දක්වා ජනාධිපතිවරුන් ගණනාවක් විසින් ජනාධිපති මුක්තිය භික්ති විඳි බව නීතිපති දප්පුල ද ලිවේරා ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එසේ ම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ යන ආයතන සතු බලය කප්පාදු කිරීමට හෝ වෙනත් ආයතන වෙත පවරා දීමට හෝ නොහැකි බව ද නීතිපතිවරයා එහි දී අවධාරණය කළේය.

20 වෙනි සංශෝධනයෙහි එන ඇතැම් වගන්ති 18 වැනි සංශෝධනයෙහි අඩංගු බව ද ඒවා ජනමත විචාරණයකින් තොරව 2/3 බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකි බවට එවක ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දු කර ඇති බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වලට එරෙහිව කරුණු දක්වමින් නීතිපතිවරයා මේ බව පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස