20 හදන්න අපෙන් උපදෙස් ගත්තේ නෑ! අපි මේ රටේ ප්‍රධාන ජාතියක්! යනවා උසාවි!

September 26, 2020 at 10:56 am | by emanisa.lk

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙරට ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම් ජාතිය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන තම පක්ෂයේ මතය විමසීමක් සිදු කළේ නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ මහ ලේකම් නිසාන් කාරියප්පර් සඳහන් කරන්නේ දැනට සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කරුණුවලට තම පක්ෂයට එකඟ වීමට හැකියාවක් නැති බවයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට විරුද්ධව තම පක්ෂය අධිකරණ යාමට බලාපොරොත්තු වන බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස