යුතුකම සංවිධානයේ යෝජනාව ආණ්ඩුව පිළිගත්තා! කළුතරට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් දෙන්න සූදානම්! – අනූප පැස්කුවෙල් (video)

June 21, 2020 at 10:56 pm | by emanisa.lk

කළුතර දිස්ත්‍රික්කයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සඳහා යුතුකම ජාතික සංවිධානය ඉදිරිපත් කළ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිළිගෙන එය ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන වෙත යොමු කළ බව යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනූප පැස්කුවෙල් පවසයි.

එමගින් වෘත්තිකයන් ව්‍යවසායකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශාල තරුණ පරම්පරාවකට ඉදිරියට යාමට අවස්ථාව සැලසෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජේ.ආර්. ජයවර්ධන විසින් 1977 ආරම්භ කළ දූෂිත දේශපාලනය තුළ දේශපාලඥයකුට මනාප පොරය ජයගැනීම සඳහා කළු සල්ලි ඉපයීම පිණිස මුලින් ම ලැබෙන්නේ අරක්කු බාර් පර්මිට් සහ පෙට්‍රල් ෂෙඩ් බලපත්‍ර බව පෙන්වා දුන් අනූප පැස්කුවෙල් එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණින් යුතුකම ජාතික සංවිධානය මෙම යෝජනාව ගෙන ආ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරිමේ උත්සව සභාව අමතමින් ඔහු අද (21) මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස