2020 ගෝඨා එනවා නම් දේශප්‍රේමි ඉන්දියානුවනුත් ඔහුට සහාය දිය යුතුයි! – ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

September 1, 2019 at 5:06 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ තරඟ කරන්නේ නම් දේශප්‍රේමි ඉන්දියානුවන් සියලු දෙනා ඔහුට සහාය ලබා දිය යුතු බව ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස 2009 කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මුල් වී කටයුතු කළ බව ඔහු සිහිපත් කරයි.

කොටි ත්‍රස්තවාදයට එරෙහි මතයක සිට දිගටම කටයුතු කළ සුබ්‍රමනියම් ස්වාමී ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දීය සහාය ලබාදීමට මුල්වී කටයුතු කළ අයෙකි.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් අස්ථාවර වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ජාති ආරක්ෂාව දුර්වල වීමත් ත්‍රස්තවාදී තිප්පොළක් වීමත් ඉන්දියාවේ ආරක්ෂාව කෙරෙහි ඍජුවම බලපාන බව ඔහුගේ අදහසය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම උපදේශකයකු වන හෙතෙම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධරයෙකි. ඉන්දීය ආණ්ඩුවේ දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ප්‍රබල බලපෑමක් කරන උපායමාර්ගික විශේෂඥයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස