රවීගේ විදුලි බලාගාර ටෙන්ඩරෙන් රටට රු. මි. අනුදාහක පොල්ලක්! බැඳුම්කර වංචාව වගේ කිහිප ගුණයක වංචාවක්!

February 21, 2019 at 2:05 am | by admin

මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය උල්ලංඝනය කරමින් චීන සමාගමකට පැවරීම නිසා රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බව ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය චෝදනා කරයි..

එම සංගමය විසින් අද (20) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති සමීර ගනේගොඩ මහතා විසින් මේ බව හෙළිදරව් කළේය.

“ලක්දනවි සමාගම වසර ගණනාවක පටන් දේශීය සහ ජාත්‍යන්තර විදුලිබලාගාර ව්‍යාපෘති රැසක් සාර්ථකව ඉදිකළ කීර්තිමත් සමාගමක්. සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත සමාගමක්. විවිධ හේතු පවසමින් ලක්දනවි ඉදිරිපත් කළ අවම මිල ප්‍රතික්ෂේප කරලා මෙම ටෙන්ඩරය 70% අයිතියක් චීනයට හිමි චයිනා ජී.සී.එල් සමාගමට ලබාදීමට විදුලිබල අමාත්‍යංශය සැරසෙනවා. ඩොලරයේ අගය වෙනස් වීම මත මින් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 90 පමණ වනවා. මෙය මහ බැංකු බැදුම්කර වංචාව වගේ කීප ගුණයක් විශාල වංචාවක්.” යනුවෙන් ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් පළ කළේය.

මෙගාවොට් 300ක ධාරිතාතාවකින් යුතු එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් ටෙන්ඩරය එම ටෙන්ඩරය සඳහා අවම මිල ඉදිරිපත් කළ දේශීය සමාගමට ලබා නොදී ඊට වඩා ඉහළ මිලක් නියම කල චීන හිමිකාරීත්වයක් සහිත සමාගමට ලබාදීමට අනුමැතිය ඉල්ලා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත්කළ යෝජනාව පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කළේය. මෙම ගැටලුව යටපත් කිරීමට මේ වන විට එම ස්ථානයේ සමාගම් දෙක ලවා විදුලි බලාගාර දෙකක් ඉදි කිරීමේ සැලසුමක් ද ක්‍රියාත්මක බව ඔවුන් පෙන්වා දෙයි.

එම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළකිරීම සදහා වෘත්තීමය ඉංජිනේරුවරුන් පිරිසක් විසින් මෙම මාධ්‍ය හමුව පැවැත්විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *