2018 අයවැය පිටපත් දහසක් ගහන්න රු. කෝටි දෙකහමාරක් ගසාකයි! 2016ට සාපේක්ෂව පිටපතක පිරිවැය 539 ගුණයක් වැඩියි!

June 8, 2019 at 11:45 am | by emanisa.lk

2018 අයවැය ලේඛනයේ පිටපත් 1000ක් මුද්‍රණය කිරීමට රු. දෙකෝටි පනස් තුන් ලක්ෂ දහ නවදහස් දෙසීය පහක මුදලක් (25 319 205) වැයකර ඇතැයි රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් හෝ පිරිවැය වාර්තාවක් සකස් කිරීම පවා සිදු කර නොමැති අතර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් පවා සිදුකර නැත.

2016 වසරේ අයවැය වාර්තාවේ පිටපතක් සඳහා රු. 4691ක් වැය වී ඇති අතර 2017 වසරේ රු. 22 774 දක්වා ද 2018 වසරේ රු.25 319 දක්වා ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව 2016 වසරට සාපේක්ෂව පහුගිය වර්ෂ දෙකේ ඒ සඳහා වන පිරිවැය 485.5%කින් ද 539.7කින්ද ඉහළ ගොස් තිබේ.

ඒ සඳහා හේතු වී ඇත්තේ මෙම ගනුදෙනුව තමුන්ට හිතුමතේ පෞද්ගලික මුද්‍රණාලයක් මගින් සිදුකර ගැනීමය.

රාජ්‍ය මුද්‍රණාලය පිහිටුවා ඇත්තේ රජයේ මුද්‍රණ කටයුතු සඳහාමය. අයවැය වාර්තාව රාජ්‍ය මුද්‍රණාලය මගින් මුද්‍රණය කරගත්තේ නම් මෙම මිලට සාපේක්ෂව ඉතාම අඩු මිලකට ඉහළ සුරක්ෂිතතාවක් යටතේ සිදුකර ගත හැකිව තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස