20 හැදුවේ ෂබ්‍රි නෙමෙයි වෙන දෙන්නෙක්! – විජේදාස සජබට කියයි…

October 8, 2020 at 4:24 pm | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර තිබෙන්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන සහ බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබේ.

අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි ෂබ්‍රි මේ පිළිබඳව කිසිවක් නොදන්නා බව ද එහි දී විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන ලද්දේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මාධ්‍ය හමුවේ පසුගිය කාලය පුරා ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ 20 වන සංශෝධනයේ වගකීම සම්පූර්ණයෙන් තමා භාරගන්නා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස