20ට එරෙහිව 19 රකින්න ජවිපෙන් රට පුරා සම්මන්ත්‍රණ!

September 19, 2020 at 7:07 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරයි.

ජවිපෙ මෙම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධය පළකරන අතර එම පක්ෂය පවසන්නේ 19 වැනි සංශෝධනය හරහා රටට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර නැවත විධායකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.

එමගින් නැවත ඒකාධිපති පාලනයක් කරා රට ගෙනයාමට උත්සාහ කරන බවට එම පක්ෂය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන අතර එහි පළමු පියවර ලබන 24 වැනිදා පැවැත්වෙන බව ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස