හෝමාගම ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකරනවා! – බන්දුල

May 18, 2020 at 9:43 am | by emanisa.lk

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටිය දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙම ක්‍රීඩාංගණය මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ද වේ. අක්කර 26ක භූමි භාගයක ඉදිකෙරෙන මෙහි දිවා රාත්‍රී තරග පැවැත්විය හැකි, නරඹන්නන් 60,000ක ආසන පහසුකම් සැලසෙන අයුරින් සැලසුමේ කර තිබේ.

පසුගිය යහපාලන රජය සමයේ දී නතර කර දමා තිබුණු මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කර බැලීමට යෝජිත භූමි ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය දා සහභාගී විය.‍ෙ

පළමු අදියර යටතේ තරඟ නරඹන්නන් හතළිස් දහසකට ආසන පහසුකම් සහිතවත් දෙවන අදියර යටතේ තවත් ආසන විසි දහසක් එක්කරමින් ආසන හැට දහසකින් යුතුව නරඹන්නන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් යුක්ත ව මෙම ක්‍රිඩාංගණය ඉදිකරන බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස