මම අවුරුදු 6ක් සිරගත කිරීම බරපතළ වැඩියි! ඒ දඬුවම ලිහිල් කරන්න! – කංජිපානි ඉම්රාන්ගෙන් අභියාචනයක්….

September 4, 2019 at 3:55 pm | by emanisa.lk

ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණය වෙත අද (04) භාරදී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් සිය අභියාචනයෙන් කියා සිටින්නේ ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට තමන් වරද පිළිගැනීමෙන් පසුව කොළඹ මහාධිකරණය විසින් තමන්ට බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළ බවයි.

තමන්ට නියම කළ දඩුවම ඉතා අධික බව පෙන්වා දෙන කංජිපානි ඉම්රාන් එම දඬුවම ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනයෙන් ඉල්ලා ඇත.

ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට පත්වූ කංජිපානි ඉම්රාන් අනතුරුව ලංකාවට පිටුවහල් කළ පසු අත්අඩංගුවට පත්විය. ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ඝාතන පිළිබඳ බොහෝ චෝදනා එල්ල වී තිබුණ ද පොලිසිය ඔහුට නඩු පැවරුවේ ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස