හොරණ යුනිලීවර් ආයතනයේ සෙසු සේවකයන් අතර කොරෝනා ආසාදනය වී නැතැයි වාර්තා වෙයි.
එහි ආපනශාලාවෙි ආහාර පිසින අයකුට කොරෝනා ආසාදනය වූ අතර ඔහු සමග තවත් 4 දෙනෙකු ගෙන ගොස් පරික්ෂා කළ ද ඔවුන්ට රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු විය.
පසුගිය සමයේ එහි සේවය කළ පනහකට අධික පිරිසක් PCR පරික්ෂණයට ලක් කළ ද ඒ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැත.
කෙසේ වුවද රෝගී වූ පුද්ගලයා සමග රැගෙන ගිය තිදෙනා තව දුරටත් නිරෝධායනයට යොමුකර ඇත.