හේෂා සහ චමින්ද විස්සෙන් ආණ්ඩුවට එකතු වන හැඩ? දුරකතන සබඳතාත් නවතා දමයි!

October 22, 2020 at 11:38 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි 20 වෙනි සංශෝධනයට පක්ෂ වීමට සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.

ඊයේ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම අත්වල කළුපටි බැඳගෙන මුව ආවරණවල විසි වෙනි සංශෝධනයට එරෙහි සටන් පාඨ බැඳ ගෙන පාර්ලිමේන්තුවට පිවිසිය ද ඒ අවස්ථාවට ද මේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගී වූයේ නැත.

පසුගිය දින කිහිපයෙහි සමගි ජන බලවේගයේ කටයුතුවලට මේ දෙදෙනා ම එතරම් උනන්දුවකින් සහභාගී වී නොමැත.

කෙසේ වුවද පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයක් තිබුණ ද මේ අවස්ථාවේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වීමට තරම් ඔවුන් ද්‍රෝහී වනු ඇතැයි තමා නො සිතන බවය.

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මේ වන විට දුරකතනයට ප්‍රතිචාර නො දක්වන බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස