හිටපු එජාප ඇමතිගේ කාර්යාලයේ සල්ලි අච්චු ගහලා! සේවකයෙක් බඩුත් එක්කම කොටුවෙයි!

January 31, 2020 at 3:12 pm | by emanisa.lk

රු. 500 ව්‍යාජ මුදල් නෝට්ටුවක් හා තවත් ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් සමඟ මොනරාගලදී අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම්වලින් පසු ඒවා මුද්‍රණය කළ බව කියන හිටපු අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් ප්‍රබල එජාප දේශපාලනඥයකුගේ කාර්යාලයේ තිබූ පරිගණකයක් හා ප්‍රින්ටරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල දොඩම්වත්ත ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි පුද්ගලයෙකි.

මොහු හිටපු එජාප ඇමතිවරයාගේ කාර්යාලයේ ස්වේච්ඡාවෙන් සේවය කළ අයෙකි.

මොහු සන්තකයේ තිබූ ව්‍යාජ රු. 500 මුදල් නොට්ටුවක්, 100 මුදල් නෝට්ටු දෙකක් හා රුපියල් 20 මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස