හිඟුරාන උක් කම්හලේ කැති 300ක් හිටිහැටියේ අතුරුදන්! ජිහාඩ් පන්නයේ ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක්! – ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

May 1, 2019 at 8:36 pm | by admin

ඉකුත්දා හිගුරානේ උක් කර්මන්ත ශාලාවක ගබඩාවකින් උක්ගස් කැපීම සඳහා භාවිත කරන කැති 300 ක් අතුරුදන් වී ඇති බව සඳහන් කරන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ලංකාවේ ජිහාඩ් ක්‍රමයේ ඝාතන සූදානමක් ඇත්දැයි අනතුරු අඟවති.

මේ මොහොතේ මුස්ලිම් ආගමික නායකයින් කළ යුත්තේ ස්වකැමැත්තෙන් ඔවුන්ගේ ආගමික ස්ථාන පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ වෙත තම සහයෝගය ලබාදීම බව ද උන් වහන්සේ අවධාරණය කළහ.

මේ ප්‍රශ්නය විසඳීම සඳහා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය නිසි බලතල ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටි උන්වහන්සේ එසේ සිදු නොවුණහොත් පොදුජනතාව කෙසේ හැසිරෙනු ඇත්දැයි කිවනොහැකි බව සඳහන් කර සිටියහ.

අගරදගුරු නිවසේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී සෝභිත හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස