හදාගෙන එන ලියුම්වලට මම ජනාධිපති විදිහට අත්සන ගැහුවා විතරයි! ලැක්ටෝවත්තේ බෝම්බකාරයෝ නිදහස් කරන ලිපියත් ඒ අස්සේ තිබිලා! – මෛත්‍රී

October 15, 2020 at 11:25 pm | by emanisa.lk

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු මාස 03ක් ගතවීමටත් පෙර නිදහස්කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී ඊයේ (14) අනාවරණය වී තිබේ.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, “ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් අවස්ථාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු නිදහස් කිරීමක් සිදුවුයේද?” යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා, “ස්වාමිනී එහෙම නිදහස් කරා නම් ඒකට ඒ නිදහස් කරපු කෙනා වගකියන්න ඕනේ,” යැයි පැවසීය.

එම පිළිතුරත් සමග සුළු මොහොතක් නිහඬව සිටි සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයා වෙත ලේඛනයක් පෙන්වා දෙමින්, “හිටපු ජනාධිපතිතුමනි, මේ වන විට කොමිසම් සභාව ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන ලේඛන අනුව කොන්දේසි සහිතව ඔවුන් නිදහස් කිරීමට අත්සන් කර තිබෙන්නේ ඔබතුමා,” යැයි සඳහන් කළේය.

එම ප්‍රකාශයත් සමග සුළු මොහොතක් නිහඬව සිටි හිටපු ජනාධිපතිවරයා, “ස්වාමිනී, ඒ ඉතිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි, ආරක්ෂක අමාත්‍යාංශයයි මට අත්සන් කරන්න ලියවිලි හදාගෙන ගේන හින්දනේ. ජනාධිපතිවරයෙකු ලෙස කොච්චර නම් ලියවිලිවලට මම අත්සන් කරනවාදැයි,” විමසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස