හදවතක් නැති පොහොට්ටුකාරයෝ හදවතට බයවෙලා! – බන්දුල ලාල්

February 15, 2020 at 9:12 pm | by emanisa.lk

හදවතක් නැති පොහොට්ටුවේ මිනිස්සු හදවතට බිය වී එක එක තැන්වල කෑ ගසන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

මේ වන විට පොහොට්ටුවේ පෙනි එක එක හැලී නටුව පමණක් වන වන සිටින තත්ත්වයට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් අකිල විරාජ් අලියාට මුවා වී නැවත සුපුරුදු ගමන යාමට සූදානම් වුවහොත් ජනතාව එය ප්‍රතික්ෂේප කරන බවත් තම කණ්ඩායම හදවතින්ම වෙනත් ගමනක් යාමට තීන්දු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස