සිය නිකායේ නායක හිමි හමුවේ දමනය නොවූ ඉඟුරුවත්තේ හිමි සජිත්ගේ ඉල්ලීමට උපවාසය අතහරී!

November 14, 2019 at 10:47 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් ඉඟුරුවත්තේ සුමංගල හිමි නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද (14) අලුයම අවසන් කරනු ලැබීය.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එහිමියන්ගෙන් සිදුකළ ඉල්ලිමකින් අනතුරුවය.

මැද කොළඹ පැවති අවසන් ජනරැලිය ඇමතීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉඟුරුවත්තේ සුමංගල හිමි උපවාසය සිදුකරමින් සිටි නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියේය.

එසේ පැමිණි අමාත්‍යවරයා එහිමියන්ගෙන් ඉල්ලා සිටියේ ආරම්භ කර ඇති උපවාසය අවසන් කරන ලෙසට තමන් ගෞරව පුර්වකව ඉල්ලා සිටින බවය. එහිදි ඉඟුරුවත්තේ හිමියන් උපවාසය අත්හැරීමට එකඟ විය.

ඉන් පසුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් පැමිණ උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිමෙන් අනතුරුව “සුවසැරිය” ගිලන් රථයකින් රෝහල කරා රැගෙන යනු ලැබීය.

මෙයට පෙර එහිමි අයත් සෙයිජින් නිකායේ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද හිමි හිමියන් සහ සමස්ත නිකායම එක හඬින් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටිය ද එහියින් ඊට එකඟ වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස