සිනමා සහ ටෙලි නාට්‍ය කලාවේ උඩුගං බලා තරණය කළ සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනියට!

December 27, 2019 at 3:22 pm | by emanisa.lk

ස්වාධින රූපවාහිනියේ නව සභාපති ලෙස සම්මානනීය සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ පත් කර තිබේ. අද (27) පෙරවරුවේ ඔහු ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

දශක 3කට අධික කාලයක් තිස්සේ නිර්මාණ ක්ෂේත්‍රයේ නිරත සුදත් රෝහණ විශිෂ්ට කලා නිර්මාණ රැසක් හෙළ කලා කෙතට දායාද කළ නිර්මාණ ශිල්පියෙක්. අඹුදරුවෝ, කරුවල ගෙදර, ස්වයංජාත, ගිරිකුළ, අවිදු අඳුර, නිරානන්දය, වනවදුලේ වසන්තය, බැද්දේගෙදර, ස්වර්ණ තිසරාවි ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනෙයි.

සුදු කළුවර ආදී චිත්‍රපට මෙන්ම වාර්තා වැඩසටහන් රැසක් ද ඔහු නිර්මාණය කර ඇති අතර සිය නිර්මාණවලට ඔහු ලැබූ සම්මාන සංඛ්‍යාව ද ඉමහත්. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, රාජ්‍ය ටෙලි සම්මාන, සුමති, රයිගම්, සිග්නීස් ආදී මෙරට සෑම සම්මාන උලෙළකදීම පාහේ ඔහුගේ නිර්මාණ විශිෂ්ට ඇගයීමට ලක්විය.

එසේම ස්වාධින රූපවාහිනියේ පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානි ලෙස සුදර්මන් රදලියගොඩ ද අද වැඩ බාර ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස