බුදු පුතුන් වෛරී පාස්කු ත්‍රස්තයන් මෙත් බෙලෙන් පරදයි! කටුවාපිටිය දෙව් මැදුරට වැඩම කර යෝධ බැම්මක් තනයි!(video)

May 9, 2019 at 11:11 am | by admin

පසුගිය ඉරිදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත වැඩම කළ බද්දේගම සමිත හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ 48 නමක් මෙරට දුකට පත් කතෝලික ජනතාවට සිය සංවේගය ප්‍රකාශ කළහ.

අනතුරුව එම භික්ෂූන් වහන්සේලා දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතුවල ද සහභාගී වූයේ ත්‍රස්තවාදයට අන්තවාදයට මේ රටේ ආගමික සංහිඳයාව පරාජය කළ නොහැකි බව පසක් කරමිනි.

මෙම ප්‍රහාරයට චෝදනා එල්ල වන ආණ්ඩුවේ දේශපාලකයන්ට තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දී යුක්තිය ඉටු කිරීම මගින් පමණක් ආණ්ඩුවට සිය පළුදු වූ ප්‍රතිරූපය දිනා ගැනීමට හැකි යැයි සමිත හිමි පැවසූහ.

කෙසේ වුවද මෙම ප්‍රහාරය බෞද්ධ අන්තවාදීන් විසින් එල්ල කළේ යැයි BBCය විසින් පුවතක් ප්‍රචාරය කර තිබිණි. එහි සිංහල සේවයේ වැඩ කරන බව අසාන් අමීන් නැමැත්තා හෝ මෙම ද්වේෂ සහගත පුවත නිවැරදි කිරීමට කටයුතු කර තිබුණේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස