ස්කොට්ලන්තේ නොමිලේ පෑඩ් දෙනවා! එහි වටිනාකම ලාංකිකයන්ට තේරුම් ගන්න බෑ! – සජිත්

November 26, 2020 at 2:52 pm | by emanisa.lk

ස්කොට්ලන්තය සිසුවින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එවැනි මානුෂීය ප්‍ර වේශයක වටිනාකම තේරුම් ගැනීමට ලංකාවට කෙතරම් කාලයක් ගතවනු ඇති දැයි ඔහු ප්‍රශ්න කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ තමා ජනාධිපති වී කාන්තාවන්ට නොමිලේ පෑඩ් ලබා දෙන බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ය. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

“මීට දෙවසරකට පෙර ස්කොට්ලන්තය සිය සිසුවියන්ට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදීමේ නිර්භීත පියවර ගත්තේය. අද ඔවුන් සැමට ඒවා නොමිලේ ලබා දීමට සූදානම්ව සිටී! මානව වර්ගයා කෙරෙහි එවැනි මානුෂීය ප්‍රවේශයක වටිනාකම වටහා ගැනීමට ශ්‍රී ලංකාවට කොපමණ කාලයක් ගතවේදැයි මම කල්පනා කරමි.”

කෙසේ වුව ද ස්කොට්ලන්තයේ දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 202ක් වන අතර ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඇ. ඩො. බිලියන 89කි. ස්කොට්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 38 603ක් වන අතර ලංකාවේ ඩොලර් 4102ක් පමණි. මේ අනුව ස්කොට්ලන්තය ඉතා ම පොහොසත් ආර්ථිකයක් සහිත රටක් බව ද ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක් බව ද පෙනේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *