සහරාන්ගේ තවත් ගෝලයන් 03ක් අල්ලයි! මරාගෙන මැරෙන්න අන්වර්ථ නාමත් දීලා! සතියක් තුළ කල්ලියේ 06ක් අත්අඩංගුවට!

August 6, 2019 at 7:46 am | by emanisa.lk

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ජාතික තව්පික් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා නුවරඑලිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්වවිද්‍යාල සිසුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සැකකරුවන් දෙදෙනෙක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරුවා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගෙලිඔය පදිංචි මොහමඩ් මන්සුර් සෙයිපුල්ලාහ් යන අය සහාරන් පැවැත්වූ නුවරඑලිය කඳවුරට සහභාගි වී ඇති අතර අබු සහිඩ් යන අනුවර්ථ නාමය ඔහුට දි තිබේ.

මාවනැල්ල වල්පොලදෙණිය පදිංචි මුස්තාක් අලි අම්හර් අනෙක් සැකකරුවන අතර ඔහු හම්බන්තොට පුහුණු කඳවුරට සහාභාගි වී තිබේ. අබු හින්ද් යන අන්වර්ත නාමය ඔහුට ලබාදි තිබේ.

තානගම මාවනැල්ල පදිංචි මොහම්මදු තාහීර් හිදයතුල්ලා අනෙක් සැකකරු වන අතර සහාරාන් විසින් පැවැත්වු නුවරඑලිය පුහුණු කඳවුරට සහාභාගි වි ඇති අතර ඔහු ඔලුවිල් අග්නිදිග විශ්ව විදයාලයේ අරාබි පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙකු බව ආරක්ෂක අංශවලට පවසා තිබේ.

පසුගිය දින කීපය තුළ සහාරන්ගේ ක්‍රියාවන්වලට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබේ.ඉන් දෙදෙනෙකු විශ්ව විද්‍යාල සිසුන් බවද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස