සම්බන්ධලා මනෝලා ඊළම වෙනුවෙන් වැඩ කළා! මම එයාලගේ කොටි සබඳතා හෙළි කළොත් හිරේ යනවා! – කරුණා අම්මාන්

June 28, 2020 at 2:29 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය සහ මනෝ ගනේෂන් කොටි සංවිධානය සමග සබඳතා පැවැත් වූ ආකාරය හෙළිදරව් කිරීමට තමා සූදානම් බව නැඟෙනහිර පළාත් හිටපු කොටි නායක කරුණා අම්මාන් පවසයි.

කොටි සංවිධානය පැවති සමයේ වව්නියාවේ පැවති පොංගුතමිල් උළෙලක් සඳහා පැමිණි දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් සහ මනෝ ගනේෂන් කොටි සංවිධානය වර්ණනා කරමින් ඊළම වෙනුවෙන් පෙනී සිටිමින් පැවැත් වූ දේශන තවමත් තමන් සතුව ඇති බව ද ඔහු අනාවරණය කළේය.

මෙම තොරතුරු අනාවරණය කළහොත් දෙමළ සන්ධාන නායකයා සහ මනෝ ගනේෂන් අත්අඩංගුවට ගනු ඇතැයි ඔහු අනතුරු ඇඟෙව්වේය.

තමාගේ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකතනය කරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අප්‍රසාදයට පත් කිරීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය කටයුතු කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස