සභාපතිකම් 30% නැතත් කමක් නෑ! අපි එකට තරඟ කරමු! – ශාන්ත බණ්ඩාර

February 8, 2020 at 1:33 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණය සඳහා ගොඩනගන සන්ධානයේ සභාපති ධුරය සහ මහලේකම් ධුරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඵකඟ වී තිබෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පැවසීය.

එම සන්ධානයට සම සභාපතිවරුන් දෙදෙනකු පත් කිරීම ගැන ජනාධිපතිවරණයට පෙර ඇති කරගත් ගිවිසුමේ සඳහන් වන බවත් ඉන් එක් අයකු ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන නම් කිරීමට තිබූ බවත් කී බණ්ඩාර ඒ පිළිබඳව යම් ගැටලූවක් තිබේ නම් පක්ෂ නායකයින් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත හැකි බව ද කීවේය.

එසේම සෑම දිස්ති‍්‍රක්කයකින් ම 30% නියෝජනයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට එම ගිවිසුමේ සඳහන්ව තිබූ බව කී හෙතෙම එහි ප‍්‍රායෝගික ගැටලූවක් තිබේ නම් ඒ සම්බන්ධව ද සාකච්ඡා කර තීරණයකට ඵලැඹිය හැකි බව ද කීවේය.

30% නියෝජනයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට නොහැකි බවට පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත‍්‍රීවරුන් සඳහන් කරන්නේ සිය මනාපය වෙනුවෙන් දේශපාලන වාසි තකා බවත් එහෙත් සියලූ දෙනාම මහ මැතිවරණයේදී වැඩ කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂට තුනෙන් දෙකේ බලයක් ලබා දීම සඳහා බව තේරුම් ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස