ලොව කිසිම නායකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වෙලා නෑ! අපේ ජනාධිපතිතුමා බය නැතිව එරෙහි වුණා!

February 13, 2019 at 8:17 am | by admin

ලොව කිසිදු රාජ්‍ය නායකයකු අත නොගසන කටයුත්තක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජීවිත පරිත්‍යාගයෙන් අතගසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ පන්නල, ගෝනුල්ල ප්‍රදේශයේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතමිනි.

“අපේ රටේ කුඩු නිෂ්පාදනය කරන්නේ නෑ. කුඩු හදන්නේ ඔක්කෝම පිටරට. එහෙනම් මුහුදෙන් ගේන්න ඕන. නැත්නම් ගුවනින් ගේන්න ඕන. ගුවනින් ගෙනල්ලා රට ඇතුලට ගන්නත්, මුහුදෙන් ගෙනල්ලා රට ඇතුලට ගන්නත් ප්‍රබල දේශපාලන ශක්තින් ඇති ප්‍රබල වෙනත් ශක්තීන් ඇති පුද්ගලයෝ නැත්නම් අපේ රටට කුඩු ගේන්න බෑ. ඒ නිසා උඩුගං බලා පිනන්න පටන් ගත්තා මෛත්‍රිපාල සිරිසේන මහතා.”

“ජනාධිපති කාර්ය සාධන බලකාය හැදුවා. එතුමා පැහැදිලිව ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. අපේ තරුණ පරම්පරාව අපේ අනාගතය අද සියල්ල විනාශ කරගෙන යන්නේ. ඉස්සර කුඩු තිබ්බේ කොළඹ විතරයි. දැන් මේ පන්නල,සඳලංකාව ,මාකදුරේ මේ හැමතැනම තියෙනවා. ගම් දනව් සිසාරා අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික හොයාගෙන කුඩු ඇවිල්ලා තියෙනවා. මේකට විරුද්ධව හඩ නඟන්න පුළුවන් සහ ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන්න පුළුවන් එකම රාජ්‍ය නායකයා වුණේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. අද බය නැතුව එතුමා ජිවිතේ දීලා ඒ වැඩේට අත ගහලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *