සාලින්දගේ අසුන පොහොට්ටුවේ හේරත්ට! පොහොට්ටුවට ගේම දෙන්න ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාර අනාථයි!

September 9, 2019 at 5:54 pm | by emanisa.lk

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඩී.බී. හේරත් පත් කෙරේ.

පරාජිත ලැයිස්තුවේ වැඩිම මනාපලාභියා ශාන්ත බණ්ඩාර වුවද සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වන විට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසය. කෙසේ වුවද සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වූ පසු ශාන්ත බණ්ඩාර එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමා ජනතා මනාපයෙන් නැවත පාර්ලිමේන්තු එන බව සඳහන් කරමිනි.

එහෙත් ඔහුගේ ඉල්ලා අස්වීමේ සැබෑ අරමුණ වූයේ දැනට පොදුජන පෙරමුණට සම්බන්ධ වී කටයුතු කරන මනාප ලැයිස්තුවේ ඔහුට පසු වැඩිම මනාප ගත් එච්.එම්.ඩී.බී. හේරත් පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමය.

කෙසේ වුවද සාලින්ද දිසානායක අභාප්‍රාප්ත වන විට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ නිසා එම අවස්ථාව එච්.එම්.ඩී.බී. හේරත්ට ලබා දීමට තීන්දු කර ඇති අතර ඊට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් වී තිබේ.

මේ අනුව ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු පැමිණීමට ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාරට නැවත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට සිදුවනු ඇත. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිස්ව පවති.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර ද ඉල්ලා සිටින බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස