සපුගස්කන්දේ අක්‍රීය බොයිලේරුව තවම හදලා නෑ! ස්වර්ණ ජයන්තියට කෝටි 05ක් වනසන්න සූදානම්!

July 14, 2019 at 12:33 pm | by emanisa.lk

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අංක තුන දරන බොයිලේරුව අක්‍රීය වී ඇති පසුබිමක පිරිපහදුවට පනස් වසරක් පිරීම නිමිත්තෙන් රු. කෝටි පහක් වියදම් කර එම පිරිපහදුවේ පනස් වසර සැමරීමට උත්සවයක් සංවිධානය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීම සඳහා සමරු කලාපයක් සඳහා සංස්ථාව සතු පිරවුම්හල් 200න් රු. ලක්ෂය බැගින් ද තෙල් බෙදා හරින්නන් 1050කගෙන් රු. 25000-50000 බැගින් ද සේවකයන් 3250ටන් එක් අයකුගෙන් රු. 1000 බැගින් ද අය කිරීමට තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටියි. එමගින් රු. කෝටි 5ක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙයි.

මේ අවස්ථාවේ රු. කෝටි පහක් වියදම් කර උත්සව පැවැත්වීමට වඩා එම මුදලින් අක්‍රීය වී ඇති බොයිලේරුව පිළිසකර කිරීමට කටයුතු වැදගත් බව සේවකයෝ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව