සති දෙකක් ඇතුළත කොවිඩ් මර්දන එන්නත ලංකාවට…! – රාජ්‍ය අමාත්‍ය චන්න….

January 15, 2021 at 10:48 pm | by emanisa.lk

ඉදිරි සති දෙක ඇතුළත කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකිවනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (15) ප්‍රකාශ කළේ ය.

“එන්නත් නිපදවන සමාගම් සමග ඒ රජයන් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අපි සාකච්ඡා පවත්වා ගෙන යනවා.

අපිට තවත් සති 2ක් ඇතුළත කොරෝනා වෛරසයට ලබාදෙන එන්නතක් ලංකාවට ගෙන ඒමට හැකි වේවි. විශේෂයෙන්ම ප්‍රධාන එන්නත් දෙක ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා ගැන තමයි මේ වනවිට අවධානය යොමු වෙලා තියෙන්නේ.

ඉන්දියාවෙන් ලබාදෙනවා කියන එක ගැනත් පැහැදිළි කිරීමක් කරන්න ඕනේ. ඇස්ට්‍රාසෙනිකා සමාගමේ නියෝජිත ආයතනයක් තියෙනවා ඉන්දියාවේ. ඒ හරහා අපේ රටට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස