ලංකාවේ ධම්මික පැණියට හිනාවෙද්දී ඇමරිකාවේ ෆයිසර් එන්නත් කළ හෙද නිලධාරියාට කොරෝනා හැදිලා!

December 30, 2020 at 9:47 pm | by emanisa.lk

ෆයිසර් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි 45 හැවිරිදි හෙද නිලධාරියෙකුටය.

එම හෙද නිලධාරියා ඉකුත් දෙසැම්බර් 18 වන දා ෆයිසර් කොරෝනා මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර එන්නත ලබාගැනීමෙන් පසු තමන්ට කිසි අතුරු ආබාධයක් ඇති නොවූ බව එම හෙද නිලධාරියා පවසා ඇත. කෙසේ වෙතත්, දෙසැම්බර් 24 වනදා ඔහු කොරෝනා රෝගීන් සිටින වාට්ටුවක සේවය කර ඇති අතර දෙසැම්බර් 25 වන දා ඔහුට යම් රෝගී තත්ත්වයක් මතුව තිබේ.

එබැවින් ඔහු කොරෝනා පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි දී තහවුරු වී ඇත්තේ එම හෙද නිලධාරියාට වෛරසය ආසාදනය වී ඇති බවය.

කෙසේ වෙතත්, අමෙරිකානු බෝ වන රෝග විශේෂඥයෙකු පවසා ඇත්තේ ෆයිසර් එන්නතෙන් අපේක්ෂිත ප‍්‍රතිශක්තීකරණය හිමිවන්නේ එන්නත් ලබාගෙන දින 14ක් පමණ ගත වූ පසුව බවයි. එසේම පළමු මාත‍්‍රාවෙන් සියයට 50 ක පමණ ආරක්ෂාවක් හිමිවන බවත්, දෙවන මාත‍්‍රාව ලබාගැනීමෙන් පසුව සියයට 95 ක පමණ ආරක්ෂාවක් ලැබෙන බවත් ඔහු සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස