සජිත්ගේ සමගි බලවේගයේ සතියේ සලකුණ දුරකථනය! අලියයි හදවතයි හංසයයි කරළියෙන් බැස යයි!

February 26, 2020 at 3:56 pm | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයසඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඊට හේතු වී ඇත්තේ හංසයා ලකුණ ලබා දීම සඳහා කොන්දේසි ඉදිරිපත් වීමට දැනට එම ලකුණු අයිති පාර්ශ්වය තීරණය කර තිබීමය.

ඊයේ(26) පැවති සාකච්ඡාවක දී ඔවුන් විසින් තීන්දු කර ඇත්තේ හංසයා ලකුණ නොලැබෙන්නේ නම් හෝ කොන්දේසි දමන්නේ නම් ‘දුරකථනය’ ලකුණින් තරඟ කිරීමටය.

මෙයට පෙර එජාප සන්ධානය සඳහා අලියා ලකුණ මෙන්ම හදවත ලකුණ ද යෝජනා වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස