සජබ විරෝධතාවට බාධා කළේ යහපාලන කාලේ සිරිකොතේ නිදාගත් පොලිස් ලොක්කෝ….!

November 17, 2021 at 2:35 pm | by emanisa.lk

ආණ්ඩුව සමගි ජන බලවේගයට සහ ජන රැල්ලට බෙහෙවින් බිය වී ඇතැයි රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

පොලිසිය භාර සරත් වීරසේකර අද පොලිසිය යොදා ගෙන දේශපාලනය කරමින් ඇතැයි ද සජබ මහ ලේකම් මද්දුමබණ්ඩාර චෝදනා කරයි.

ඊයේ සජබ උද්ඝෝෂණයට පැමිණි ජනතාවට බලපෑම් කළ පොලිස්පති මෙන් ම නියෝජ්‍ය පොලිස්පතිවරු ද සිය ආණ්ඩුව සමයේ සිරිකොත නිදාගත් අය බව ද හෙතෙම අනාවරණය කරයි.

එකල තම ආණ්ඩුවට උවමනා දේ කළ පොලිස් නිලධාරීන් අද වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් ඕනෑ ම තුප්පහි වැඩක් කරන බවට ද රංජිත් මද්දුමබණ්ඩාර චෝදනා කළේය.

ආණ්ඩුවට එරෙහි ජනබලය පොලිසිය යොදවා මැඩලිය නොහැකි බවත් ඊළඟ වාරයේ දස දහස් ගණනක් කොළඹට රැගෙන එන්නේ ආණ්ඩුව ගෙදර යැවීමට බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද (17) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස