සජබ විරෝධතාව හමුවේ අධිකරණය දෙකට බෙදෙයි…! උසාවි පහකින් තහනම් නියෝග…. පහකින් ප්‍රතික්ෂේපයි…!

November 15, 2021 at 3:27 pm | by emanisa.lk

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

ඒ අනුව අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් එම වාරණ නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, අත්තනගල්ල, ගංගොඩවිල, ගල්කිස්ස සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *