සජබ විරෝධතාවට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක්…! සජිත්ගේ ප්‍රධාන ආරක්ෂකගෙන් පැමිණිල්ලක්…!

November 16, 2021 at 7:52 am | by emanisa.lk

සමගි ජන බලවේගය මගින් අද (16) පැවැත්වීමට නියමිත ජනබලය කොළඹට විරෝධතා පාගමනට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ස්ථාන රැසක්, අධිකරණය වෙත ඊයේ දැනුම් දී තිබේ.

අද පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ වෙනත් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී සමන්ත දිල්රුක්ෂාන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

සමගි ජන බලවේගය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥ ගුණරත්න වන්නිනායක ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය අවස්ථාවේ නිහඬව සිටි පොලිසිය අද විරෝධතාවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අධිකරණයට පැමිණිලි කර ඇති බවය.

කෙසේ වුව ද එහි දී පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ අදාළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැමිණිලි කර ඇත්තේ තමන් නොව සමගි ජන බලවේග පාර්ශ්වයෙන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *