සජබ විරෝධතාවෙන් කොළඹ පාරවල් වැසේ…! දැඩි රථ වාහන තදබදයක්…!

November 16, 2021 at 4:25 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ විරෝධතාව හේතුවෙන් මේ වන විට දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්‍රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී තිබේ.

විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇති වී ඇති බව පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *