සජබෙ විරෝධතාවට පොලිසියෙන් බාධා…! බස් නවතා ආපසු හරවයි… රියදුරු කොන්දොස්තර අත්අඩංගුවට..!

November 16, 2021 at 10:15 am | by emanisa.lk

සමගි ජන බලවේගය විසින් අද හවස කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සඳහා පැමිණෙන ජනතාවට පොලිසිය බාධා කරමින් ඇතැයි වාර්තා වෙයි.

කොළඹ බලා ධාවනව වන බස් අතරමග දී පොලිසිය විසින් නවත්වා ආපසු හරවා යැවීමට කටයුතු කරමින් අතැයි වාර්තා වෙයි.

ඇතැම් බස් රියදුරන් සහ රිය සහයකයින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද දැන ගන්නට තිබේ. එසේ ම ඇතැම් බස්වල පැමිණි පිරිස් මහ මග බස්සවා බස් හරවා යවා ඇතැයි ද දැන ගන්නට තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අණ නොතකා නීති කඩමින් උද්ඝෝෂණ සංවිධානය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *