ප්‍රහාරකයන් රැඳී සිටි පානදුර නිවසත් කොළඹ පැමිණි වෑන් රථයත් අල්ලයි!

April 22, 2019 at 8:03 am | by admin

කොළඹ ඇතුළු ස්ථාන 8 ක ඊයේ (21) සිදුවූ පිපිරීම් 9 සම්බන්ධයෙන් සැකපිට ප‍්‍රදේශ කිහිපයකින්‍ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 10 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

බෝම්බකරුවන් කොළඹ නගරයට රැගෙන ආ බව කියන වෑන් රථය ඊයේ වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගත් අතර එහි රියදුරු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බෝම්බකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැක කෙරෙන පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාර ප‍්‍රදේශයේ ශෙරිෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවද පොලීසිය සඳහන් කරයි. ෂැංගිලා හෝටලයට ප්‍රහාර එල්ල කළ පිරිස පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බව අනාවරණය වී ඇති අතර නිවසේ කාන්තාවක සහ ළමයකු සිට අත.

මේ වනවිට සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවස මාස 03ක කුලී පදනම මත ලබා ගෙන තිබූ බවත් ඒ මසකට රුපියල් 40,000ක කුලී පදනම මත බවත්ය. අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සකස් කිරීමට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි හමු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *