ම්ලේච්ඡ ප්‍රහාරය ගෝඨා හෙළා දකියි! දිනූ නිදහස රැකගැනීමේ වගකීමත් සිහිපත් කරයි!

April 21, 2019 at 6:15 pm | by admin

අද දින සිදු වූ බෝම්බ පිපිරීම් නිසා තමන් ඉතා කම්පාවට පත් වූ බව සහ එම ප්‍රහාර තරයේ හෙළා දකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව මෙලෙස ප්‍රකාශ කර තිබිණි.

“අද දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් මම ඉතා කම්පාවෙන් තරයේ හෙළාදකිමි. රජය සහ අදාළ රාජ්‍ය ආරක්ෂක ආයතන වහාම ජනතාවගේ ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමට පියවර ගත යුතුය. මෙම කණගාටුදායක අවස්ථාවේදී ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා සියලු ආගමික නායකයන් එකතු වන මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිමි. බෝම්බ පිපිරීම්වලින් ජිවිත හානි සහ දේපළ හානි සිදු වූ සියලුම ජනතාවට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. මහත් කැපකිරීම් කර අප ලබා ගත් නිදහස ආරක්ෂා කර ගැනීමට අප සියලු දෙනාම වගකීමෙන් කැපවිය යුතුය.” යනුවෙන් එම පණිවිඩයෙහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස