තවම අවධානම පහව නෑ! ප්‍රහාර 30ක් සැලසුම් කරලා! අදත් රෑට ඇඳිරි නීතිය! දුම්රිය ගමන් නෑ!

April 22, 2019 at 6:01 pm | by admin

අද රාත්‍රී 8 සිට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර රාත්‍රී තැපැල් දුම්රිය ගමනා ගමනය ද අත්හිටුවා තිබේ.

ප්‍රහාරයට පසු සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී අත්අඩංගුවට පත් පුද්ගලයන් පවසා ඇත්තේ මෙවැනි ප්‍රහාර 30ක් එල්ල කිරීම සඳහා සැලසුම් කළ බවය.

කෙසේ වුවද මෙතෙක් එල්ල කර ඇත්තේ ප්‍රහාර 09ක් පමණක් වන අතර දුම්රිය ස්ථාන ඇතුළු ජනාකීර්ණ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි සැක කෙරේ.

මේ අතර තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට ඇමරිකාව ද අනතුරු අඟවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස