ශ්‍රී ලංකා තායේ කියලා අපේ ජාතික ගීය ගායනා කිරීම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්! – ගම්මන්පිල

December 31, 2019 at 3:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තියේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා යනුවෙන් සඳහන් වන බවත් එහි පදවැල සහ සංගීත ප්‍රස්තාරය 3 වෙනි උප වගන්තියේ දැක්වෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම උප වගන්තියේ ශ්‍රී ලංකා මාතා වශයෙන් ආරම්භ වන ජාතික ගීයක් මිස ශ්‍රී ලංකා තායේ යනුවෙන් ආරම්භ වන දෙමළ ජාතික ගීයක් නොමැති බව ඔහු අවධාරණය කරයි.

ඒ අනුව කිසියම් ජාතික උත්සවයක ශ්‍රී ලංකා තායේ යනුවෙන් අපේ ජාතික ගීය ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස