මම ජාතික ගීයට පළාත් ගීයට විරුද්ධයි! මාවනැල්ලේ පොහොට්ටු මන්ත්‍රීට සහරාන් වැහෙයි…. තවුහිද් ජමාද් පල්ලි හදමින් සහරාන් රැක්ක බවට චෝදනා….

September 12, 2019 at 11:54 am | by emanisa.lk

ජාතික ගීයේ සහ පළාත් ගීතයේ සංගීතයට මම විරුද්ධ නිසා ජාතික ගීය සහ පළාත් ගීතය ගායනා කරන වේලාවට මම සභාවට එන්නේ නැතැයි එම්. එස්. එම්. කාමේල් (පො. ජ. පෙ.) පෙරේදා (10 ) පැවැති මාවනැල්ල ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී පැවසීය.

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සභාපති චන්දන කුමාර ජයවන්දලගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කාමේල්ගේ මෙම ප‍්‍රකාශයට සිංහල මුස්ලිම් මන්ත්‍රීවරුන් සිය විරෝධය ප‍්‍රකාශ කිරීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය. කාමේල් මන්ත්‍රීරවරයා වසරකුත් මාස හතරක් සභා රැස්වීමට පැමිණියේ ජාතික ගීය සහ පළාත් ගීතය ගායනා කිරීමෙන් පසුව බව සභාපතිවරයා සභාව අමතා පැවසීය.

කාමේල් මන්ත්‍රීවරයා තවුහිද් ජමාත් සංවිධානයේ පල්ලියක් සෑදීමට සම්බන්ධ බවත් සහරාන් නමැති ත‍්‍රස්තවාදියා වසරකට අධික කාලයක් මාවනැල්ලට රැගෙනවිත් ආරක්ෂාව ලබාදී බලාගත් බවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රුවන් කුමාර දයාරත්න මෙහිදී සඳහන් කළේය. මන්ත්‍රීවරුන් වෙතින් එල්ලවූ දැඩි විරෝධ මධ්‍යයේ කාමේල් සභාවෙන් පිටව ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස