මුස්ලිම් සියලු දෙනා ත්‍රස්තවාදීන් නෙමේ! සිංහල ත්‍රස්තවාදීන්ට ඉඩක් ලබා දිය යුතු නෑ! – රෝසි

May 16, 2019 at 10:03 am | by admin

මුස්ලිම් ත්‍රස්තවාදයකට මෙන්ම සිංහල ත්‍රස්තවාදයකට ද රට තුළ ඉඩක් ලබා නොදියයුතු බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

සියලු මුස්ලිම් ජාතිකයින් ත්‍රස්තවාදීන් හෝ අන්තවාදීන් නොවන බව පැවසු ඇය අද වන විට විවිධ බලපෑම් තුළින් සිංහල ත්‍රස්තවාදීන් නැගිට සිටින බව ද සඳහන් කළාය.

සිංහල ත්‍රස්තවාදය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් නැගී සිටිය යුතු බව ද නගරාධිපතිනිය කියා සිටියේය. ජාතික ගීයේ අරුත අනුව කටයුතු කරනවා නම් ජීවිතයකට හානියක් කරන්නේ කෙසේ ද යනුවෙන් ද ඇය වැඩිදුරටත් ප්‍රශ්න කළාය.

කොළඹ නගර සභා පරිශ්‍රයේ පැවති වැඩ සටහනකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

පසුගිය පාස්කු ප්‍රහාරයට පසු සති ගණනාවක් මාධ්‍යවල දක්නට නොලැබුණු රෝසි සේනානායක සිය නගරාධිපති නිල නිවසේ උඩි 8ක් පමණ උස තාප්පය තවත් අඩි කිහිපයක් ඉහළට බැඳ ගැනීමට කටයුතු කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *