ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අලුත්ම අඩු වියදම් වාහනේ මෙන්න! ඉන්දීය ත්‍රීවිල්වලට කදිම ආරක්ෂිත විකල්පයක්!

January 17, 2020 at 12:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මුල් වරට නිෂ්පාදනය කරන ලද “Quadricycle” වර්ගයේ මෝටර් රථයක් අද (16) දින එහි නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත හඳුන්වා දෙන ලදී.

ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිපදවා ලියාපදිංචි කරන ලද මෙම රථය ඉතා අඩු ඉන්ධන වියදමින් ධාවනය කළ හැකි රථයක් බව වාර්තා වේ.

මෙම රථය ඊයේ කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ද නිරීක්ෂණයට ලක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස