ශ්‍රී ලංකාවේ නව ජිනීවා තානාපති ධුරය සී.ඒ.චන්ද්‍රප්‍රේමට!

January 18, 2020 at 4:04 pm | by emanisa.lk

ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම පත්කරනු ලැබ සිටී. දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණ විචාරකයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ලෙසද චන්ද්‍රප්‍රේම ප්‍රකටය.

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ළමාවංශ නම්කර ඇති අතර ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්කර ඇත්තේ පරිගණක තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමාගමක ශ්‍රී ලංකා නියෝජිත ධුරය දැරූ මනෝරි උණම්බුවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා චීනය යන රටවල්වලටද නව ශ්‍රී ලංකා තානාපතිවරුන් අද හෙටම පත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස