වෛරය හෝ අන්තවාදය ප්‍රවර්ධනය නොකරනු! ඇමති හලීම්ගෙන් පල්ලි භාරකරුවන්ට උපදෙස් මාලාවක්!

May 10, 2019 at 9:21 pm | by admin

වෛරයක් හෝ කිසිදු ආකාරයක අන්තවාදයක් ප්‍රවර්ධනය කිරිමේ හෝ ප්‍රචාරණය කිරිමේ කටයුතු පල්ලිවල සිදු නොකරන්නැයි ද එසේ කළ හොත් ඒවාට භාරකාර මණ්ඩල මුළුමනින්ම වගකිව යුතු යැයි සඳහන් කරමින් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා සියලුම පල්ලිවල භාරකරුවන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

පල්ලි පරික්ෂා කිරීමට පැමිණෙන ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දෙන ලෙස ද මුස්ලිම් පල්ලිවල සිදුකරන සියලු ජුම්මා හෝ වෙනත් ශ්‍රව්‍ය දේශන පටිගත කර ඒවා මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට යොමුකරන ලෙස ද එම උපදෙස් මාලාවේ සඳහන් වේ. මෙම කටයුතු නිවැරදි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් සහ අධීක්ෂණය වන්නේ නම් එය මුස්ලිම් සමාජය පුරා සූක්ෂ්ම ලෙස පතුරුවන අන්තවාදය පාලනය කර ගැනීමට රුකුලක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස