මන්ත්‍රී තැපැල් දීමනාවත් 100%කින් නංවයි! දැන් ලක්ෂ තුනහමාරයි!

February 17, 2019 at 9:49 am | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්ගේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසරකට ලබා දුන් රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 350000ක් දක්වා ඉහළ නංවා ඇත.

පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මෙතෙක් වසරකට ලබාදුන් නිදහස් තැපැල් පහසුකම රුපියල් 24000ක් වූ අතර එය රුපියල් 48000ක් දක්වා දෙගුණයකින් ඉහළ නංවා තිබේ.

කෙසේ වුවද 2018 වසරේ ජුනි මස අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් ඉහළ නැංවූයේ සේවක වැටුප් හා වේතන, ප්‍රවාහන වියදම් හා නඩත්තු වියදම් එමගින් උපයන ආදායම හා සැසඳීමේදී ඉහළ බව පවසමිනි. ඒ අනුව සාමාන්‍ය සහ ලියාපදිංචි තැපැත් ගාස්තුව රු. 5කින් වැඩි කළේය. එහෙත් ව්‍යාපාරික ලිපි සඳහා ගාස්තු ඉහළ නැංවූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස