වෛද්‍ය ෂාෆිගේ සිංහල සංහාරයට එරෙහිව රටවල් අටක ලාංකිකයෝ ජාත්‍යන්තර අධිකරණයට!

June 3, 2019 at 7:47 am | by admin

වර්ග සංහාර පිළිබඳව හසල දැනුමක් ඇති ජාත්‍යන්තර නීතිවේදීන් තිදෙනකුගේ සහයෙන් කුරුණෑගල වෛද්‍ය ෂාෆි සෙහාබ්ඩීන් මහතාට එරෙහිව හේග් නුවර අන්තර් ජාතික අධිකරණය හමුවේ අපරාධ නඩුවක් ගොනු කිරීමට රටවල් අටක ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් ක‍්‍රියාකරගෙන යති.
මෙම අපරාධ නඩුව ගොනු කිරීමට අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා රහස් පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකුගේ සහාය ලබාගැනීමට අදහස් කර ඇති අතර එම නිලධාරියා ඒ සඳහා අනුමැතිය පළ කර තිබේ.
බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ස්වීඩනය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, එමීර් රාජ්‍යය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් මේ නඩුව පැවරීමේ පුරෝගාමීව කටයුතු කරති.
ඔවුන් අතර නීතිවේදීන් තිදෙනෙක්, වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකු සහ විද්වතුන් දස දෙනෙක් ද සිටිති.
1948 එක්සත් ජාතීන්ගේ සම්මුතියක් යටතේ මෙම නඩුව ගොනු කෙරෙනු ඇත.
මේ අතර මෙම නඩුව පැවරීමේ කටයුතු සඳහා සහාය වන ජාත්‍යන්තර නීතිවේදීන් තිදෙනාගෙන් දෙදෙනෙක් ලබන සතියේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස